ASP එරික් යළි වෙන්නප්පුවට ගෙන්වන්න පන්සල සහ පල්ලිය ජනතාව පෙළගස්වයි

මාරුවීමක් ලද වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ මාරුවීමට විරෝධය පළ කරමින් ඔහු යළිත් වෙන අප ප්‍රදේශයට ගෙන්වාගැනීම සඳහා ප්‍රදේශයේ ආගමික නායකයන් මේ වන විට ජනතාව දැනුවත් කරන බව වාර්තා වේ.

ඒ අනුව හෙටට යෙදෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනයේ විහාරස්ථාන වලට පැමිණෙන ප්‍රදේශයේ දායක දායිකාවන් සහ හෙට දිනයේ දේවස්ථාන වලට පැමිණෙන කතෝලික බැතිමතුන් මේ පිළිබඳ දැනුවත් කිරීමටත් නියමිතය.

එහි අරමුණ වී ඇත්තේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉල්ලීමට සහ දේශපාලන නායකයකුගේ වුවමනාව මත මෙම ස්ථාන මාරුව සිදු කර බව පැවසේ.


මෙම නිලධාරියා පසුගිය දිනවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පවා මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව ජාවාරම්කරුවන්ට එරෙහිව ප්‍රබලව ක්‍රියා කළ පුද්ගලයකු බව ඔවුහු පෙන්වා දෙති.

එබැවින් මේ පිළිබඳ ජනතාව දැනුවත් කොට දේශපාලන බලාධිකාරියෙන් ඉල්ලීමක් කිරීමට ඔවුහු සූදානම් වෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එරික් පෙරේරා මහතා යළිත් වෙන්නප්පුව ප්‍රදේශයේ රාජකාරි කටයුතු සඳහා යොදා ගෙන එහි නීතිය හා සාමය ස්ථාපිත කිරීමටත් ඉල්ලීම් කිරීමෙන් අනතුරුව එමගින් ද විසඳුමක් නොලැබුණහොත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ද සූදානමින් සිටිති.

Exit mobile version