දේශීය කිරිපිටි මිල ඉහළට…

කීර්ති ප්‍රනාන්දු – 

දේශීය කිරිපිටි මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද සිට පැලවත්ත සමාගම තම ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක  මිල රුපියල් 270කින් ඉහළ දමා ඇත. මේ වැඩිවීමත් සමග  රුපියල් 880කට මිල කර තිබූ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක රුපියල් 1150 දක්වා ඉහළ ගොස් තිබේ.

පැලවත්ත සමාගමේ අලෙවිසල්වලින් 850ට නිකුත් කළ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 975කට මිල නියම කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිල්කෝ සමාගම වැඩිවන මිල ගණන් අද සවසට ප්‍රකාශ කිරීමට නියමිත බව එම සමාගමින් අප කළ විමසීමක දී පැවසුවේය.

Exit mobile version