9වන පාර්ලිමේන්තුවේ නව අගමැති ලෙස මහින්ද හෙට දිවුරුම් දෙයි

දිවුරුම් දෙන්නේ ඓතිහාසික කැලණි රජ මහා විහාරයේ දී

9 වන පාර්ලිමේන්තුවෙ නව අගමැතිවරයා ලෙස  මහින්ද රාජපක්ෂ හෙට (09) උදෑසන 8.30ට කැලණිය ඓතිහාසික රජමහා විහාරයේ දී සිය ධූරයේ දිවුරුම් දෙන්නේය.

වර්තාගත මනාප චන්ද 5, 27, 364ක් ලබාගෙන ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ දෙවරක්ම මේ රටේ විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කෘතහස්ථ දේශපාලකයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගමැතිවරයා දිවුරුම් දීමෙන් අනතුරුව ඇමතිමණ්ඩලය නම් කිරීම සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ලංකාසරට පැවසීය. මෙම දිවුරුම් දීමේ උත්සවය කලින් අදහස්ක ර තිබුණේ ලබන සඳුදා (10) පැවැත්වීමටය.


Exit mobile version