8 වන විධායක ජනාධිපති වැඩ අල්ලයි… හමුදාව ගෝල්ෆේස් අරගල භූමියට මැදිහත් වෙයි … ( වීඩියෝ සහිතයි)

තොපි එකෙක් නෑර බාවනවා... හමුදාවේ පිරිස් තර්ජනය කරති...

ගෝල්ෆේස් අරගල භූමියේ නොසන්සුන්කාරී තත්තවයක් ඇති වී තිබේ.

හමුදාවේ සහ පොලිසියේ විශාල පිරිසක් පැමිණ සාමකාමී උද්ඝෝෂණයක යෙදුන  අරගල භූමියට මැදිහත් වීමත් සමග අරගලකරුවන් විසින් දැඩි විරෝධතාවයක් දක්වමින් සිටිති. ආරක්ෂාවදැඩි කරමින් ඇත.

අකුලන් පලයව්…. තොපි ඔක්කොම බාවනවා…. හමුදාව විරෝධකරුවන්ට  අනතුරු අගවනු පෙනුනි.

කණ්ඩායම් කීපයක් පමණක්  ඉතිරිවන සේ බොහෝ පිරිසක් ඊයේ අරගල භූමියෙන් ඉවත් වී ගොස් තිබිණි. රතු කුරුස සංවිධානය ඉවත් වී ගිය පසුබිමක   මේ  මැදිහත්වීම  සිදු වී ඇති බව උද්ඝෝෂකයෝ කියති. හමුදාව නිර්දය ලෙස  අරගලකරුවන්ට පහර  දුන් බවට චෝදනා එල්ල වී ඇත.


මෙම  හමුදා ඛණ්ඩයේය ඉදිරියෙන්ම සිටින්නේ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන ගිනි අවි දැරූ හමුදා භට පිරිසකි.  ඔවුන්ගේ සියලුම ඉරියව් සජීවීව වාර්තා වෙමින් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පිරිස්  තෝරා ගනිමින් අත්අඩංගුවට ගනිමින් සිටින බව උද්ඝෝෂකයින් චෝදනා කරති.

Exit mobile version