රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග මෙම තීන්දුව ගත් බව ඔහු කියයි.
අමාත්‍යවරයා ප්‍රකාශිත නව සිමාවන් මෙසේය.
- යතුරුපැදි – රුපියල් 2,500 යි
- ත්‍රිරෝද රථ – රුපියල් 3,000 යි
- මෝටර් රථ, වෑන්, ජීප් – රුපියල් 10,000 යි
- වාණිජ වාහන සඳහා සිමාවක් නොමැත
මින් පෙර ත්‍රී රෝද රථයක් හෝ යතුරු පැදියක් සඳහා රුපියල් 2000ක්, කාර් වෑන් ජිප් රථ සඳහා රුපියල් 8000ක් ලෙස ඉන්ධන සැපයීමේ සීමා නියම කර තිබිණි. වාණිජ වාහන සඳහා ඉන්ධන සීමාවන් පනවා තිබුණේ නැත.