ඉන්දීය අධාර යටතේ මෙට්‍රික් ටොන් 40000ක ඩීසල් නැවක්..

ඉන්දීය ණය ආධාර යටතේ    තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (22) මේ නව ඉන්ධන තොගය පිළිබඳව දැනුම් දුන්නේය. මෙම  ඉන්ධන තොගය ලංකාවට පැමිණීම සම්බන්ධව අතිශයින් තෘප්තිමත්වන බලශක්ති ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දියාවට ස්තුති කර තිබිණි.

තවද, ඉන්දියාවේ සිට රුපියල් බිලියන 2 කට වැඩි වටිනාකමකින් යුත් සහල්, කිරිපිටි සහ ඖෂධ තොග රැගත්  තවත් නෞකාවක්  ඉරිදා කොළඹට පැමිණීමට නියමිතය.


තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම් කේ ස්ටාලින් විසින් චෙන්නායි නුවර සිට මෙම තොගය  ලංකාවට එවීමේ  වැඩ කටයුතු  ආරම්භ  කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු ප්‍රකාශ කළේ පීඩාවට පත් උතුරේ දෙමළ වැසියන්ට සහ වතුකරයේ වැසියන්ට මෙම ආධාර එවන බවය.

Exit mobile version