මොන විරෝධතා පැමිණියත් නව කැබිනට් මණ්ඩලයක් සමග ඉදිරියට යෑමට ආණ්ඩුව තීරණය කරයි!

ගෑස් සහ ඉන්ධන ලැබෙන විට සියලුම ප්‍රශ්න විසඳෙන බව පොහොට්ටු ඇමතිවරු ජනපතිට කියති...

කොපමණ විරෝධතා පැවතුනත් කිසිම බලපෑමකට යටත් නොවී අවශ්‍ය පුද්ගලයන් සහිත කැබිනට් මණ්ඩලය පත් කරගෙන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට  ජනාධිපති අගමැති බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රධානම දේශපාලන බලවතුන් තීරණය කර ඇත.

අවුරුද්ද අවසන්   වූ වහාම නව කැබිනට් මණ්ඩලය පත් කර වැඩකටයුතු  ආරම්භ කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

කැබිනට් මණ්ඩලය නම් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් හිටපු ඇමතිවරු කීප දෙනෙකුට පමණක් ඇමතිකම්  නොලැබෙන බවත් එම ආරංචි මාර්ග තහවුරු කරයි.

නව කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන ආණ්ඩුවේ වැඩ කටයුතු නතර කළ තැන සිට ඉදිරියට ගෙන යා යුතු බව  ඇමති කණ්ඩායමක් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් දිගින් දිගටම සිදුකරන ලද ඉල්ලීම්වලට අනුව නව කැබිනට් මණ්ඩලය පත්කරගැනීමේ කටයුතු ආරම්භ කළ බව ද ඉහත ආරංචි මාර්ග පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන කීපයකින් ශ්‍රී ලංකාවට ණය ආධාර ලැබෙන  බැවින් එම ණය ලැබුණ වහාම ඩොලර් ප්‍රශ්නය විසඳාගෙන රට යථා තත්ත්වයට පත් කරගතහැකි  යැයි ඉහත ඇමතිවරු  පෙන්වා දී තිබේ. ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නයත් විදුලි කප්පාදුවත් නැවතුන පසු මේ උද්ඝෝෂණ නවතින බව ඔවුන් පෙන්වා දී ඇත.

Exit mobile version