මහරගම උද්ඝෝෂණයට විශාල ජනතාවක්…

ආණ්ඩුවේ පීඩනයට එරෙහිව ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය අද පෙරවරුවේ දැවැන්ත ජන සහභාගීත්වයකින් පැවැත්විනි.

උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය,  ජාතික ජනබලවේගයේ විධායක සභාවේ කේ.ඩී.ලාල් කාන්ත,  සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ලක්ෂ්මන් නිපුන ආරච්චි, ඇතුළු සමාජ දේශපාලන ක්‍රියාධරයෝ එක් වී සිටියහ.

ඇඳිරි නීතිය නොතකා  රට පුරා තැන තැන උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබේ.  පොලිස් මුලස්ථානය පවසන්නේ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයන් 664 දෙනෙකු බස්නාහිර පළාත තුළ දී අත්අඩංගුවට ගත් බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වතෙත් මේ වනවිට ජනතාව ඇඳීරි නීතිය උල්ලංඝනය කරමින් මහ මගට බැසීමේ ප්‍රවනතාවක් ඇති බවත්  කුඩා කණ්ඩායම් ලෙස මාලඹේ, කෝට්ටේ, ඇතුළු කෝට්ටේ, මිරිහාන. අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක මිනිසුන් මගට බැස විරෝධතාවය පලකරමින් සිටින බවත් වාර්තා වේ.

Exit mobile version