69 ලක්ෂයක් නිසා 57 ලක්ෂයක්  බඩගින්නේ ! පූර්ණ මානූෂීය ආධාර අවශ්‍ය වීමේ අවදානමක් !

ලක්ෂ 57ක් ජීවිත රැකගන්න හදිසි මානුසීය ආධාර අවශ්‍යයි එක්සත් ජාතීන් ලෝකයට කියයි

 

 

ෙකොළඹ වෙසෙන ජනතාව අතරින් ලක්ෂ 2ක් ඇතුළුව රට පුරා ලක්ෂ 50ක් පමණ ශ්‍රී ලාංකිකයන් මේ වනවිට කුසට නිසි ආහාරයක් නැතිව අතේ මිටේ මුදල් නැතිව කණ කර දේපළ විකුණමින් පවතින අර්බුදය හමුවේ ජීවිත් වන්නට යත්න දරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. පසුගියදා සමස්ත ලෝකවාසී ජනතාවගෙන් මානුෂීය ආධාර ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද නිවේදනය මඟින් වැඩිදුරටත් පවසන්නේ   ශ්‍රි ලංකාවට නුදුර්දීම පූර්ණ හදිසි මානුෂීය ආධාර අවශ්‍ය තරමේ අවදානමක් මේ වනවිට නිර්මාණය වී ඇති බවය.

ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය  ආයතනවලන් ලබා ගත් දත්ත මත පදනම්ව සිය නිවේදනය නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ රටේ දරුවන් 56,000ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන්  පෙළෙන බවය.  උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු පහට අඩු ළමුන් 56,000 ක් සිටින අතර ඔවුන්ට පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සතියේ ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වී වසර දෙකකට පසු, රජය 2021 නොවැම්බර් මාසයේදී දරුවන්ට ත්‍රිපෝෂ පෝෂණය ලබා දීම නතර කළ අතර පාසල් ආහාර ද නවතා දමන ලදී. 2020 දී ලෝක ආහාර වැඩසටහන මගින් ත්‍රිපෝෂ සඳහා දේශීය බඩඉරිඟු මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ප්‍රදානයක් ලබා දී ඇත.  එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ජනගහනයෙන් සියයට 22 කට ආහාර ආධාර අවශ්‍ය බවයි. එය පවසන්නේ නිවාසවලින් සියයට 86 ක් තමන් ගන්නා දෛනික ආහාර පුමාණය අඩු කර ඇති  අතර සමහරු ආහාර නොමැතිව සිටින බවයි.


පවතින ආහාර සහ ඖෂධ ඇතුළු ජීවත් වීමට අත්‍යවශ්‍ය මූලිකාංගවල පවතනි හිගය හේතුවෙනක් ශ්‍රි ංකාවට නුදුරේදීම පූර්ණ මානුෂීය ආධාර වැඩසටහනක් සඳහා ලෝකයට ම යොමු වන්නට සිදුවීමේ අවදානමක් පවතින බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රකාශක ජෙන්ස් ලාර්ක් විසින් මෙම අනතුරු ඇඟවීම කරනු ලැබ  ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය මත රටේ ජනගහණයෙන් ලක්ෂ 57කට   හදිසි ජීවිතාරක්ෂෂක ආධාර ලබා දෙන තරමට  තත්ත්වය නරක අතට හැරී බවට අනගුරු අඟවන  එක්සත් ජාතීන්ගේ සංවිධානය  ගර්භනී සහ කිරි දෙන කාන්තාවන් විශේෂයෙන් අවදානමට ලක්වීම හේතුවෙන්   ළමා මන්දපෝෂණයේ ඉහළ අනුපාත සහ දුර්වල ගැබ්ගැනීම් ප්‍රතිඵල වැඩි වීමේ අවදානමක් බවද පවසයි.

Exit mobile version