60% ඉතිරියක් සමග    අක්කර දෙක හමාරකට විනාඩි 04 තෙල් ගහන්න තමන් හැදූ කෘෂිකාර්මික ඩ්‍රෝන යානාවත් අරන්  දිඹුලාගල පැමිණි තරුණයා…

මනම්පිටිය නිමල් ජයරත්න –

වී වගාව සඳහා යොදන සියලුම කෘමි හා වල් නාශක 60% ක් ඉතිරි කරගනිමින්, කාලය, ධනය, ශ්‍රමය, අඩු කරගෙන කරගෙන ආරක්ෂාක කාරී ලෙස  අක්කර දෙකහමාරකට විනාඩි 4 ක කාලයකින් දියර ඉසීමට හැකි    ඩ්‍රෝන යානාවක් නිර්මාණය කළ තරුණයෙක් හමුවිය. ඔහු අපට හමුවන්නේ   පොලොන්නරුව මහවැලි බී කලාපය දිඹුලාගල දී සිය අත්හදාබැලීම් කටයුතු කරමින් සිටිය දී ය.

ඔහු නමින් සංකල්ප ද සිල්වාය.   සංකල්ප අංක 75 /01 හෙට්ටියාවත්ත ඇලපිටිවල, රාගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.
බඩ ඉරිඟු, පොල්, කජු, උක්, ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට වැළඳෙන සියලුම රෝග සඳහාද මෙම ඩ්‍රෝන යානාව උපයෝගී කරගනිමින් දිය‍ර ඉසීමට හැකිවන පරිදි ඔහුව විසින් මෙම නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

2015 වර්ෂයේ සිට විවිධ පර්යේෂණ මගින් නිර්මාණය කර ඇති මෙම කෘෂිකාර්මික ඩ්‍රෝන යානාවෙන්  මේ වන විට ශ්‍රී ලංකාව පුරා අක්කර නවසීයකට ආසන්න සංඛ්‍යාවකට අදාල කෘමිනාශක හා වල්නාශක ඉසිමින් ඔහු  ගොවියන්ට සේවාව ලබා දී ඇත.

වී වගාව සඳහා දියර ඉසින ගොවීන් සම්පූර්ණයෙන්ම මෙම කෘමිනාශක දියර වලින් ආරක්ෂා වන අතර ලංකාවේ විශාලතම ඩ්‍රෝන යානාව මේ වන බවද සංකල්ප ද සිල්වා  අප කළ විමසීමකදී සඳහන් කළේය,


මෙම ඩ්‍රෝන යානාව හරහා කෘමිනාශක හා වල් නාශක ඉසීමේදී ගොවි මහතුන්ට කාලය, ධනය, ශ්‍රමය, ඉතිරි වෙනවා සේම යොදන වල්නාශක හා කෘමිනාශක ද්‍රව්‍ය වලින් 60% ක ඉතිරි කරගැනීමේ හැකියාවද පවතින බව සංකල්ප ද සිල්වා පැවසුවේය.

මේ වෙනවිට පොලොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගල කොට්ටාසයේ මෙම ඩ්‍රෝන යානාව හරහා ගොවීන් කිහිපදෙනෙකු   කෘමිනාශක සහ වල්නාශක දියර ඉසීම ආරම්භ කර තිබීමද තවත් විශේෂත්වයකි.

කෘෂි කර්මාන්තයට මෙන්ම ගොවියාට වඩාත් වාසි, සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිත, කාලය, ධනය, ,ඉතිරි කරගත හැකි මෙම ඩ්‍රෝන යානාවේ නිර්මාණකරු වන සංකල්ප ද සිල්වා අප සමග මෙසේ අදහස් දැක්වූයේය.

“මේක කෘෂි කෘෂිකාර්මික ඩ්‍රෝන යානයක්, මේකේ විශේෂත්වය ලංකාවේ තමයි මේ සියලු පරීක්ෂණ කටයුතු කරලා නිර්මාණය නිමාවට පත් කළේ.  මේ නිර්මාණයේ හිමිකරු මමයි. මේක ලංකාවේ වගාවන්ට හොඳටම සුසර කරල තියෙන්නෙ.”

“මේ ඩ්‍රෝන යානාවෙන් වෙනත් ක්‍රමවලින් තෙල් ඉසිනවට වඩා සියයට හැටක් තෙල් ඉතිරි කරගැනීමේ හැකියාව තියෙනවා. මේක දීප ව්‍යාප්ත කරලා හදාගත්තොත් ලංකාවේ පොහොර භාවිතය සීයට පනහකින් අඩු කර ගැනීමටත් හැකියාව පවතිනවා. ඒව වගේම පොළොවට පතිත වන රසායනික ප්‍රමාණවත් ඒ වගේම අඩු වෙනවා. ඒ හරහා පිටරටට යන මුදල් රටේ ඉතිරි කරගන්නත් පුළුවන්. ගොවි මහ ත්වරුන් රසායනික ද්‍රව්‍යවලට නිරාවරණයව වීම සීයට සීයකින්ම මේකෙන් අඩු වෙනවා. “

“මේ ඩ්‍රෝන යානාවෙන්   දවසකට අක්කර පනහක, හැටක, ප්‍රමාණයකට තෙල් ඉසින්න පුළුවන්. දියර වර්ග ඉසිද්දි හැම තැනටම සමානව ඉසීමේ හැකියාවත් මෙයින් පවතිනවා. සාමාන්‍යයෙන් ශ්‍රමිකයන් යොදා පොහොර තෙල් ගහද්දි අත්හැරෙන ප්‍රමාණය වැඩියි. නමුත් මේ ඩ්‍රෝන යානාවෙන්  තෙල් ඉසිද්දි එහෙම වෙන්නෙ නෑ,”

“ඉතින් මම රජයෙන් ඉල්ලන්නේ පිටරටින් ගේන ඩ්‍රෝන යානා ප්‍රමාණය අඩු කරල මේ ලංකාවේ නිෂ්පාදනය කරන ඒවට මුල්තැන දෙන්න කියලා.   මේක දීප ව්‍යාප්ත කරන්න රජයෙන් සහයෝගය මම බලාපොරොත්තු වෙනවා, මම මේ වෙනකොට ඩිසයින් කරලා තියෙනවා එක් පුද්ගලයෙකුට නැගලා යාමට හැකිවන පරිදි ඩ්‍රෝන යානාවක්. “

“ඉතින් අපිට මූල්‍ය ණය පහසුකම් ලබා දෙනවානම් මේවා වැඩි දියුණු කරලා තව බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලබාදෙනවා වගේම ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් තරුණයන් මේ තාක්ෂණයත් සමඟ කෘෂිකර්මාන්තයට නැඹුරු වීමේ ප්‍රවණතාවක් වැඩි වෙනවා.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංකල්ප ද සිල්වා  සඳහන් කළේය,

Exit mobile version