ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ අභාවප්‍රාප්ත වෙයි…

දේශීය සහ විදේශීය සම්මානයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ අභාවප්‍රාප්ත විය. 

‘දවස’, ‘ලංකාදීප’ සහ ‘රිවිරැස’ ඇතුළු පුවත්පත් කීපයක චිත්‍ර ශිල්පියකු ලෙස ද කටයුතු  කළ ඔහු ශ්‍රී ලංකාවේ වැඩිම චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූ චිත්‍ර ශිල්පියා ලෙස සැළකෙන්නේය.

හේ  බෞද්ධ චිත්‍ර නිර්මාණ කරණයේ නව මානයක් නිර්මාණය කළ ශිල්පියෙක් බව ප්‍රකටය.    වෙසක් තොරණ රැසකට චිත්‍ර නිර්මාණයෙන් දායකවී ඇති අතර ඔහු  සිංගප්පූරුවේ සහ මැලේසියාවේ බෞද්ධ සිද්ධස්ථානවල චිත්‍ර නිර්මාණය කළ ශිල්පියාය.


හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ ‘ගම්උදාව’ වැඩසටහනේ සෑම ගම්උදාවකම ප්‍රධාන තොරණ නිර්මාණය වූයේ ඔහු අතිනි.

චිත්‍ර ගුරුවරයකු ද චිත්‍ර ශිල්පී  සේමගේ මිය යන විට 83 වැනි වියේ පසුවූයේය.

අම්බලන්ගොඩ, ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඔහු  සෞන්දර්ය විශ්වවිද්‍යලයේ ලලිත කළා උපාධිධාරියෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජයසිරි සේමගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

Exit mobile version