ඇවරියවත්තේ එන්නත් මධ්‍යස්ථානයකට බඹර ප්‍රහාරයක්… සියල්ලන් හිස් ලූ ලූ අත පලා ගිහින්…

කීර්ති ප්‍රනාන්දු –

කටුනායක, ඇවරිවත්ත, සුමිත්‍රාරාම විහාරථානයේ පැවති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මධ්‍යස්ථානයේ එන්නත් ලබා ගැනීම පැමිණි පිරිසට අද ( 18)  දහවල් එල්ල වූ  බඹර ප්‍රහාරයක්  නිසා පුද්ගලයින්    පිරිසක් සීදුව විජයකුමාරතුංග රෝහලට සහ මීගමුව රෝහලට  ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

විහාරස්ථානයේ   හිටි පිළිම වහන්සේගේ ආරක්ෂාව සදහා තනා ඇති , ආවරණ මන්දිරය තුළ  බැඳ තිබූ මෙම බඹර වද දෙකක බඹරුන් ඇවිස්සී  ප්‍රහාරය එල්ලවන විට එන්නත් ලබා ගැනීම සඳහා පෝලිම් 02ක, ප්‍රදේශවාසීන් 4,000ක් පමණ රැදී සිට ඇත.

බඹර වද දෙක බැඳ තිබූ ස්ථානය

මෙම බඹර ප්‍රහාරය එල්ල වනවාත් සමගම , එන්නත් ලබා ගැනීමට පෝලිම් තුළ රැදී සිටි පිරිස සහ එන්නත් ලබා දෙමින් සිටි නිලධාරීන්  පිරිස ද , තම ආරක්ෂාව පතා හිස් ලූ ලූ අත දිව ගොස් තිබුණි .


පසුව කටුනායක පොලීසියේ නිලධාරීන් , එම ස්ථානයට පැමිණ , තත්වය පාලනය කිරීමෙන් පසුව , යළිත් දහවල් 12.00 ට පමණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබුණි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අසළ ගිනි තබා ඇති කුණු ගොඩවල් දෙකකින් නැගුණු දුමත්, එන්නත් ලබා ගැනීමට පැමිණි , ප්‍රදේශවාසීන්ගේ කටහඬත්, මෙම බඹර වද ඇවිස්සීමට හේතු වන්නට ඇති බව , එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිස පැවසූහ .

Exit mobile version