වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ ප්‍රජාවට සයිනෝෆාම් එන්නත ලබා දීමට නියමිත බව ඖෂධ සැපයුම් නිෂ්පාදන හා නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ සඳහා තවත් සයිනෝෆාම් මාත්‍රා මිලියන 4ක් ලබන සතියේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවද අද මාධ්‍ය අමතමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
සයිනෝෆාම් එන්නත ලබාගත් අයට පළමු මාත්‍රාවෙන් සති හතරකට පසු දෙවන මාත්‍රාව ලබාදීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
එන්නත් නිෂ්පාදකයන්ගේ යාවත්කාලීන උපදෙස් මත මෙම එන්නත පළමු මාත්‍රාව ලබාදී සති තුනකින් දෙවැනි මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇත.
මේ අතර ජපානයෙන් පැමිණීමට නියමිත ඇස්ට්‍රාසෙනෙකා ඊළඟ තොගය ලබන සෙනසුරාදා ජපානයේ සිට මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා පැවසූයේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.4ක් ලබාදීමට නියමිත අතර එයින් අඩක් පසුගිය සෙනසුරාදා පැමිණියේය.
ඉතිරි ප්‍රමාණය මෙසේ ලබන සෙනසුරාදා ලැබීමට නියමිතව ඇත.