පොලිසිය හා සෞඛ්‍ය අංශත් නොදැන අලුතින් හුදකලා කළ, හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ

අද සවස 6 සිට මිනුවන්ගොඩ පොලිස් වසමේ ජුම්මා මස්ජීඩ් මාවත, හිද්‍රා මාවත, අලුත්පාර සහ අකරගොඩ  ප්‍රදේශ හුදකලා  කරන බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළත් හුදකලා කළ ප්‍රදේශ හා හුදකලා බවින් ඉවත් කළ ප්‍රදේශ ගැන අද රාත්‍රී 11 වනතුරුත් පොලිසිය හෝ කිසිම සෞඛ්‍ය අංශ නිලධාරියෙක් දැනගෙන සිටියේ නැති බව වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැල්ලවත් පොලිස් වසමේ නසීර් වත්ත, නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර හා තිහාරිය නැගෙනහිර  ග්‍රාම නිලධාරී වසමේ වාරණ පන්සල පාර, කන්තොට පාර හා හිද්‍රා මාවතට ඇතුළුවන ප්‍රදේශ,   මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔළුව නැගෙනහිර හා ගල්ඔළුව බටහිර ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර තිබිණි.

Exit mobile version