21 නෙමෙයි… පාසල් අරින්නේ 25… ගුරු විදුහල්පති සංගම් දැනුම් දෙයි…

ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කළත් පාසල් විවෘත කිරීමේ නීත්‍යානුකූල බලය සහිත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඒ සඳහා එක් නොවීමට  ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (18) තීරණය කළේය.

කෙසේ වෙතත් ලබන 25 වැනිදා සිට තමන් පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කරන බව එම සන්ධානය වැඩිදුරටත් කීවේය. පාසල් ආරම්භ කරන්නේ  4කින් බැවින් එම අදියර හතර ඔස්සේ පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියට එක් වී සියලුම ගුරුවරුන් ඒකාරශී වුණු පසු තමන් ගන්නා ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිවේදනය කරන බවත් ගුරු සංගම් කියා සිටියේය.

එළඹෙන 21 වැනිදා සිට සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබිණි.


ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඉහත තීන්දුව ගනු ලැබුවේ  21 වැනිදා පාසල් ආරම්භ වීමත් සමග ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට  අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේ දී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ බලධාරීන් විසින් කැඳවන දිනයක් වු 21 වනදා සිසුන් 200කට අඩු පාසල්වල සේවය කරන ගුරු සහ විදුහල්පතිවරුන් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදට ගුරු විදුහල්පති වර්ජනයට දින 99කි.

Exit mobile version