21ට එරෙහි පොහොට්ටු යෝජනාවට එකඟද නැද්ද?… පොහොට්ටුවේ 10 කණ්ඩායමේ තීන්දුව  අද සවස!

wasamtha-Yapa-Bandara

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනවාට  පක්ෂව ඡන්දෙ දෙන්නේ ද විරුද්ධව ඡන්ද දෙන්නේද යන්න තීරණය කිරීම සඳහා අද සවස 4 ට හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන දහ දෙනා ගේ මන්ත්‍රී කණ්ඩායම රැස් වන බව මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී  වසන්ත යාපා බණ්ඩාර පවසයි.

මේ මොහොත වන විට රට තුළ  ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඇතිවී තිබෙන පෝලිම්, දරාගත නොහැකිව   ඉහළ යන බඩු මිල හේතුවෙන් මුළු රටෙන්ම ආණ්ඩු පක්ෂයේ දේශපාලකයින් ගුටි කන තත්ත්වයක් ඇති වී තිබෙද්දී   දේශපාලකයින් ලෙස තමන්ගේ එකම අරමුණ  ජනතාවට පීඩනයකින් තොර ජීවන රටාවක් පවත්වාගෙන යාම සඳහා මැදිහත් වීම බව මන්ත්‍රීවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද   පවතින තත්වය තුළ  සෘජු තීරණ ගනිමින් ජනතා අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතා නියෝජිතයින් කටයුතු කළ යුතු බව තමන් තරයේ විශ්වාස කරන්නේ යැයි  හෙතෙම කීවේය.

Exit mobile version