2030 වනවිට බලශක්තිය නිපදවීමට ඩීසල් භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වනවා…

ඇමති ඩලස් තුර්කි තානාපතිට ජාතික සැලසුම කියයි...

බලශක්ති උත්පාදනය සඳහා  ඩීසල්  භාවිතා කිරීම වර්ෂ 2030 සිට මුලුමනින්ම නරත කිරීමේ  ජාතික සැලසුමකට යන බව බලශක්ති ඇමති ඩලස් අලහප්පෙරුම පවසයි.

ඇමතිවරයා මේ ප්‍රකාශය කළේ පසුගියදා බලශක්ති අමාත්‍යාංශයේ දී තුර්කි තානාපතිවරයා සමග පැවැත්වූ නිල සාකච්ඡාවකින් පසුය.

එහි  මූලික පියවරක් ලෙස ජාතික විදුලි උත්පාදනය සඳහා 2025 වනවට හරිත හා පුනර්ජනනී බලශක්ති දායකත්වය සියයට 70 දක්වාත්, ජලවිදුලිය සියයට 25ක ප්‍රමාණයක් දක්වාත්, ඩීසල් බලාගාර හරහා විදුලිය නිපදවීම සියයට 05 දක්වාත් අඩු කරන බව අමාත්‍යවරයා පැවසීය.


අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණේ පවත්නා පුනර්ජනනීය ප්‍රභවයන් සංවර්ධනය කරන අතරම විදුලිබල උත්පාදනය සඳහා ඩීසල් භාවිතය අවසන් කිරීම සඳහා නව පරිසර හිතකාමී විදුලි ප්‍රභවයන් ගවේෂණය කිරීමට අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටින බවය.

නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රට තුළ ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ගේ අවධානය හා ආකර්ෂණය ලබා ගැනීමට අදහස් කරන බව ද ඇමතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාකච්ඡාවේදී තුර්කි තානාපතිවරයා රටේ විදුලිබල ක්ෂේත්‍රය නංවාලීම සඳහා පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමට   අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට එකඟ වී ඇතැයි අමාත්‍යාංශ ආරංචිමාර්ග කීවේය.

Exit mobile version