පසුගිය 06 වැනිදා එනම් සෙනසුරාදා කොවිඩ් රෝගීන් 13ක් වාර්තා කරමින් 2023 වර්ෂයේදී එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් ගණන වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
වසංගත රෝග විද්‍යා ඒකකය දෛනික තත්ත්ව වාර්තාවට අනුව මේ තත්ත්වය වාර්තා වී තිබේ.
තත්ත්වය බියජනක නොවන බැවින් කලබල නොවන ලෙසට සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අලුත් තත්ත්වය පිළිබඳ දිගින් දිගටම අවධානයෙන් සිටින බවත් සාර්ථක එන්නත් කිරීමේ මෙහෙයුමකින් පසුව ජනතාවට කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබා දෙන බැවින් දැවැන්ත රැල්ලකට මඟ පෑදීමේ අවස්ථාවක් නැති බවත් වසංගත රෝග විද්‍යා ඒකකය තවදුරටත් කියා සිටියි.