2019 අවසන්වන විට හෙජින් පාඩුව කෝටි 1364ක්…

ලලිත් චාමින්ද

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ඉදිරි සුරැකුම් ගනුදෙනුව ( හෙජින්) හේතුවෙන් 2019 වර්ෂය වනවිට රුපියල් මිලියන13,641ක පාඩුවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති 2019 වර්ෂයට ආදාල විගණන වාර්තාවේ සඳහන් වේ.

හෙජින් ගනුදෙනුවලට අනුව වාණිජ බැංකු කිහිපයක් සමග එළඹ තිබු ඉදිරි සුරැකුම් ගිවිසුම් සම්බන්දයෙන් බේරුම් ක්‍රියාවලියේ පාර්ශවයක් වශයෙන් සංස්ථාව කැඳවා තිබුණි. පාර්ශව අතර එළඹ තිබු බේරුම් කිරිමේ ඔප්පු යටතේ ඩොලර් මිලියන 60ක් ස්ටැන්ටඩ් චාටඩ් බැංකුවට 2013 වර්ෂයේ දි ජුනි 03 වැනිදින ගෙවා තිබුණි. ඩොලර් මිලියන 27ක් ඩොයිෂ් බැංකුවට 2016 අගොස්තු මස 04 වැනිදින ගෙවා තිබුණි. ලැබි ඇති තොරතුරුවලට අනුව 2019 වර්ෂය වනවිට මෙම ගණුදෙණුව හේතුවෙන් සංස්ථාව රුපියල් මිලියන 13,641 පාඩුවක් ලබා ඇති බව විගණන වාර්තාවේ දැක්වේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංස්ථාවේ හෙජින් ගණුදෙණුව සම්බන්දයෙන් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නීති වියදම් වශයෙන් රුපියල් මිලියන 941.2ක් වැයකොට තිබුණි. ඉන් මිලියන 370.6ක් ශ්‍රි ලංකා මහබැංකුව විසින් දරාතිබු අතර රුපියල් මිලියන 567ක් 2011 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා කාලය තුළ සංස්ථාව විසින් මහබැංකුවට ප්‍රතිපුරණය කර නොතිබුණි.


 

Exit mobile version