2018 දී ලංකාවට ආපු අල්කයිඩාකාරයාට අත තියන්න එපා යයි පොලිස් ලොක්කන් දෙදෙනෙක්ම කියලා

හිටපු ත්‍රස්ත විමර්ශන ප්‍රධානී නාලක ද සිල්වා පාස්කු කොමිසමේ දී කීව කතාව

2018 වසරේදී මෙරටට පැමිණි අල්කයිඩා ත්‍රස්ත සාමාජිතයකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශණ අංශය සැරසෙද්දී ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙසත් ඔහු සම්බන්ධයෙන් විමර්ශන නොකරන ලෙසත් පොලිස්පති පූජිත් ජයසුන්දර ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසයේ ප්‍රදානියාට ලිඛිත නියෝගයක් නිකුත් කළ බව අද (16) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේදී හෙළි විය.

මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද හෙළි කළේය.

නාලක සිල්වා මහතා කොමිසම හමුවේ සඳහන් කළේ මො‍හොමඩ් රිම්සාන් නැමැති එම අල්කයිඩා ත්‍රස්ත සාමාජිකයා මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොලේදී ප්‍රශ්න කිරීමකට ලක්වුණු බවය. එසේම ඔහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක්ද කළ බව නාලකද සිල්වා මහතා සදහන් කළේය.


එම අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන සම්පත් කුමාර තමා අමතා එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන නොකරන ලෙසත් රාජ්‍ය බුද්ධි සේවය ඔහු විමර්ශනයක් පවත්වන බවත් තමාට සදහන් කළ බවද ඔහු පැවැසීය.

එම පුද්ගලයාට කිසිදු කරදරයක් නොකරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ සම්පත් කුමාර මහතා තමාගෙන් ඉල්ලා සිටි බවද නාලකද සිල්වා මහතා සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් නොකර සිටීමට නම් එය ලිඛිතව තමාට අවශ්‍ය බව රාජ්‍ය බුද්ධි සේවයේ සම්පත් කුමාර මහතාට තමා දැනුම් දුන් බවත් ඒ අනුව එම ලිඛිත දැනුම් දීම ඔහුගෙන් මෙන්ම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලැබුණු බවද ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ සදහන් කළේය.

Exit mobile version