2008 න් පසු ඉපදුණු කාටත් නවසීලන්තයේ දුම්පානය තහනම්!

නවසීලන්ත රජය විසින් දුම්වැටි සහ දුම්කොල අශ්‍රීත නිෂ්පාදන සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව වර්ෂ 2008 පසු උපත ලැබූ කිසිවෙකුට එරට තුල දුම්වැටි හෝ දුම්කොල අශ්‍රීත නිෂ්පදන මින් ඉදිරියට කිසිම අයුරකින් මිලදී ගැනීමට ඉඩ නොලැබෙනු ඇත.

නවසීලන්ත රජය විසින් මෙම නව නීතිය එළැඹෙන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.


ඒ අනුව මෙම නීතිය පිළිබඳ සලකා බලන විට ලබන වසරේ සිට තවත් වසර 65ක කාලයක් ගතවීමෙන් පසුවත් එරට තුල දුම්වැටි අලෙවි කිරීමට හැකියාව පැවතියද ඒවා මිලදී ගැනීමට හැකියාව පවතින්නේ ඒ වන විට වයස අවුරුදු 80 වැඩි පුද්ගලයින්ට පමණකි.

නවසීලන්තයේ මෙම තීරණය සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ සමාජිකයින් සිය ප්‍රසාදය පළකර ඇත.

කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධනේ ඇතැම් පර්ශවයින් සැක පළකර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ නව තීරණය හේතුවෙන් නීතිවිරෝධීව දුම්වැටි අලෙවි කිරීම් බහුලව සිදුවීමට ඉඩ පවතින බවයි.

නවසීලන්තය විසින් 2025 වන විට රටතුල දුම්පානය කරන්නන් සමස්ථ ජනගහනයෙන් සියයට 5ක් දක්වා අවම කිරීමට අදිටන් කරගෙන කටයුතු කරනු ලබයි.

ඒ අනුව මේවන විට එරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 13ක් දුම්පානය කරනු ලබන අතර එරට වැඩිවශයෙන්ම දුම්පනයට ඇබ්බැහි වී ඇත්තේ අදීවාසීන් බවද මේවන විට අනාවරණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අන්දමට එරට සෑම පිළිකා රෝගීන් සිව්දෙනකුගෙන් එක් අයෙකු දුම්පානය හේතුවේ රෝගය වැලුදුනු පුද්ගලයින් වේ.

Exit mobile version