“20 ගේන්න එපා” – මහා සංඝරත්නයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ.

මෙම නිකායවල මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබූ තීරණය නිකාය තුනෙහි ඒකාබද්ධ ප්‍රකාශයක් ලෙස අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේ දී දැනුම් දුනි.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තාක්‍ෂණික දුබලතා ඇත්නම් එකී දෝෂ මගහරවා ගැනීමට නීති සම්පාදනය කරගත යුතු වුවද 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කර ඇත්තේ රටේ ඉදිරි ගමනට සාධනීය ලක්‍ෂණ එකතු කිරීම නොව රට ආපස්සට ගමන් කරවන නිශේධනීය සාධක එකතු කිරීමක් බව උන්වහන්සේලා පෙන්වා දෙති.


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක, පූජ්‍ය මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමියෝ මේ බව සඳහන් කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ නිකායවල ලේකම් ස්වාමීන් වහන්සේලා විසින් පැවැත්වූ රැස්වීමේදී අපි මේ ගැටලුව ගැන සාකච්ඡා කළා. විසිවෙනි සංශෝධනය නිසා ඇතිවෙන අනර්ථකාරී තත්ත්වය ගැන. ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් එතන ඇතිවෙනවා. ඒ නිසා මේ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා අපි දෙනිකාය ශක්තිමත්ව තුන් නිකායම එකාබද්ධ කරගෙන ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ රට ඒ තත්ත්වයෙන්ම ආරක්ෂා කර ගැනීමට අදාල කටයුතු කිරීම භික්ෂූන් වහන්සේලා හැටියට අපේ වගකීමක්. ඒ නිසා මේකට ඉදිරිපත් වෙන්න ඕන කියලා අපි හිතුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතා පරමාධිපත්‍යය අහෝසි කරන නීතියේ ආධිපත්‍යය බිඳ වට්ටන නීතියේ පිළිසරණක් ජනතාවට නැති තත්ත්වයකට රට කිරීම ඒ වගේම හොරකම වංචා දූෂණ රාජ්‍ය දේපල විකිණීම අවභාවිත කිරීම ආදිය නිතිගත කරවීම ඒ වගේම ද්විත්ව පුරවැසියන් රාජ්‍ය පාලනය කිරීමට ඉඩකඩ දීම තුලින් රටේ ස්වාධිපත්‍යය බිඳ වැට්ටවීම ඒ වගේම විවිධ සංකූලතා මේ හරහා ඉස්මතු වීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් හැටියට තමයි අපේ ඒකාබද්ධ සාකච්ඡාවේදී තීරණය කළේ. ඒ නිසා මේ අවස්ථාවේදී අවස්ථාවේදී හදිසියෙන්ම කාගේ හරි පුද්ගලික උවමනාවක් වෙනුවෙන් කරන දෙයක් හැටියට තමයි එදා ස්වාමීන් වහන්සේලා අදහස් දැක්වූවේ. පුද්ගල කේන්ද්‍රීයව තමයි මේක ගේන්නේ කියලා. එහෙම නැත්නම් රටේ අදහස තිබුණේ අලූත් ව්‍යවස්ථාවක් හදන්න තමයි රට පෙළ ගැහිලා හිටියේ. දහනව වැනි සංශෝධනයේ යම් යම් අඩුපාඩු කම් තියෙනවා නම් ඒවා සකස් කරගෙන ඉදිරියට රට යන්න පුළුවන් තත්වයක් තියෙද්දී මේ වගේ දැඩි වසංගත තත්ත්වයක් රට පුරා තියෙද්දි අනාගතය සම්බන්ධ ගැටලු ක එල්ලිලා කාලය කා දැමීම නෙවෙයි වසංගත තත්ත්වයෙන් රට මුදවා ගෙන ඊට පස්සේ පුළුවන් සියලු පක්ෂ එකතු වෙලා මේ අලුත් ව්‍යවස්ථාව රටට ගේන්න. මේක ඉතාම ඛේදනීය තත්ත්වයක් හැටියට තමයි තමයි ස්වාමීන් වහන්සේලා දකින්නේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් හැටියට. නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමක් හැටියට. මේ ඒකාබද්ධ ප්‍රකාශය අද නිකුත් කරනවා.”

Exit mobile version