20 ගැන ජනාධිපතිගේ ආවේගශීලී කතාවෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නිහඬ වෙති

විමල්ගෙන් නිමල් සිරිපාලට වාග් ප්‍රහාරයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී 20 වනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ කතා බහ ඉතා උණුසුම් ස්වභාවයක් ගත් බව වාර්තා වේ.

මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් සහභගී වී සිට ඇති අතර 20 වනි සංශෝධනයට එරෙහිව ඇති වූ කතා බහ හේතුවෙන් ජනාධිපතිවරයා තරමක් ආවේගශිලී ව අදහස් ප්‍රකාශ කිරීම හමුවේ 20 වැනි සංශෝධනය පිළිබඳව අදහස් දක්වන්නට සිටි මන්ත්‍රීවරු නිහඩ වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රැස්වීමේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව එය සිදු කළ යුතු බවට විවිධ හේතු දක්වමින් කළ කතා බහට ඇතැම් මන්ත්‍රීවරුන් බාධා කොට ඇති අතර එහිදී ජනාධිපතිවරයා තමන් විධායක ජනාධිපතිවරයා බවත් 69 ලක්ෂයක් ජනතාව තමන්ට ඡන්දය ප්‍රකාශ කළේ ඒ සඳහා බවත් ප්‍රකාශ කර ඇත.


ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර දැනුවත් බවත් සහ සාකච්ඡාවක් සිදු කිරීමය.

එහිදී මහාචාර්ය ජී.එල් පීරිස්ට අමතරව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ද 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර මේ වනවිට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වැඩි දෙනකු විරෝධයක් දක්වන රාජ්‍ය විගණනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙම විගණන ක්‍රියාවලියෙන් ඵලක් නැති බව සඳහන් කර ඇත.

කෙසේ වුවද මේ සම්බන්ධවෙන් මන්ත්‍රිවරුන්ගේ විරෝධයක් එල්ල වී ඇති අතර එහිදී ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අදහස් දැක්වු විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ඇමතිවරුන්ට සහ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම් පාලනය කර ඇත.

මේ අතරේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂව කතා කළ අවස්ථාවේ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊට බාධා කරමින් “ජනාධිපතිතුමනි මේ මිනිහා තක්කඩියෙක්.

ඊයේ පාර්ලිමේන්තුවේදී මාත් එක්ක 20 වැනි සංශෝධනයට බැන බැන විමල් ඔයා නම් ග්‍රේඩ් මිනිහෙක් කියාල දැන් මෙතන වෙනස් කතාවක් කියනවා යයි දැඩි විරෝධය පළ කර ඇත. එහිදීද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.

මෙම රැස්වීම අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවන ලද අතර ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනයට විරුද්ධ ව අදහස් දක්වන මන්ත්‍රිවරුන්ට එය නවත්වා 19 වැනි සංශෝධනයෙන් රට සංවර්ධනය කිරීම තිබෙන බාධා බවත් කර අවශ්‍ය සහය ලබා දෙන්නැයි කළ ඉල්ලීම හමුවේ පවසා ඇත්තේ මෙම මන්ත්‍රීවරුන්ටත් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සපසා දෙන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් තතු දත් ආරංචි මාර්ග සඳහන් කළේ මෙම මන්ත්‍රිවරුන්ට ඊට අවස්ථාවක් නොලැබුණු බවය.

Exit mobile version