“20 එකඟ වෙන්න බැරි තැන් තිබුණත් ඇතැම් කරුණු ඉතා වටිනවා”

රිෂාඩ් බදියුදීන් වව්නියාවේදී කියයි

දිනසේන රතුගමගේ

විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් ඇතැම් කරුණු ඉතා වටිනා කරුණු වූවත් ඉන් බොහොමයකට තම පක්ෂයට එකගවිය නොහැකි බව සමස්ත ලංකා මහජන කොග්‍රස් පක්ෂයේ නායක රිෂාර්ඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා 1 දා වවුනියාවේදී පැවසීය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසුව රිෂාර්ඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට පැවසුවේ විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය සහයෝගය ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ඉල්ලීමට හෝ ඒ පිළිබදව සාකච්ඡා කිරීමට රජය පාර්ශ්වයෙන් කිසිවෙකුත් මේ දක්වා තම පක්ෂය සමග හෝ තමන් සමග සාකච්ඡා කොට නොමැති බව පවසන රිෂාර්ඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා ඊට තම පක්ෂයට සහය දිය හැකි වන්නේ සදහන් කරුනු වල යම් සංශෝධනයක් සිදුවන්නේ නම් පමණක් බවද කියා සිටියේය.

රිෂාර්ඩ් බදුයුදීන් මහතාට හා ඔහුගේ සොහොයුරාට එල්ල වූ චෝදනා පිළිබදව විමසූ විට ඔහු කියා සිටියේ තමන් හා තම සහෝදරයා එම සියලු චෝදනාවලින් නිදහස් බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උත්සවයට සහභාගි වෙමින්..

 

Exit mobile version