20 අහිතකර බලපෑම් ගැන ජිනීවා මානව හිමිකම් කොමසාරිස් ලෝකෙටම කියයි

මෙරට යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපානු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් කියා සිටී.

මානව හිමිකම් කවුන්සිලයේ ඊයේ පැවැති 45 වන සැසිවාරයට ඇයගේ ගෝලීය මානව හිමිකම් යාවත්කාලීන කිරීමේ කතාවේදී බැචෙලෙට් මහත්මිය
මේ බව කියා සිටියාය.

ශ්‍රී ලංකා රජය විසින් මානව හිමිකම් කවුන්සිලය සඳහා වූ බැඳීම් කඩිනමින් ප්‍රතික්ෂේප කිරීම (30/1) පිළිබඳව තමා කනස්සල්ලට පත්ව ඇති බව ද ඇය මෙහිදී පවසා තිබේ.


නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට වැරදිකරු වූ හිටපු හමුදා සැරයන්වරයෙකුට මාර්තු මාසයේදී ලබා දුන් සමාව, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ප්‍රධාන සිවිල් භූමිකාවන් සඳහා පත් කිරීම්, එවැනි අපරාධ පිළිබඳ විමර්ශනය වලක්වාලීම සඳහා පොලීසිය හා අධිකරණය තුළට ගෙනයාම ඉතා නිෂේධාත්මක ප්‍රවණතාවක් ඇති කරන බව ද ඇය අවධාරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“වින්දිතයින්, ඔවුන්ගේ පවුල්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන්, මාධ්‍යවේදීන් සහ නීතිඥයින් පිළිබඳ සෝදිසි කිරීම් සහ බිය ගැන්වීම් වහාම නතර කළ යුතුය. සාමය, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනයට ඇති තර්ජන වැළැක්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව කෙරෙහි නව අවධානයක් යොමු කරන ලෙස මම සභාවට දිරිගන්වමි.” යනුවෙන් පවසමින් ඇය සභාව නියෝජනය කළ ලෝකයේ සෙසු රටවල නියෝජිතයන් වෙත පැවසුවාය.

Exit mobile version