20ට අදාල කෙටුම්පත ලෑස්තියි… සම්මත වූ පසු බැසිල්ට ඇමති කමක්…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි  සංශෝධනයට  අදාල කෙටුම්පත ලබන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යක් වන 20 වැනි සංශෝධනය ගෙන ඒම පිළිබඳව අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. 20 වැනි සංශෝධනයට අදාල කරුණු විමර්ශනය කිරිම සඳහා පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනු කමිටුවක් ද පත් කළ අතර එම අනු කමිටුවේ වාර්තාව සැලකිල්ලට ගෙන නව කෙටුම්පත සකස් කිරීමට පියවර ගෙන තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ අන්තර්ගත රටට හිතරක කරුණු රැසක් විසිවන සංශෝධනයට ඇතුළත් විය යුතු බවට යෝජනා වී තිබෙන අතර එවැනි තවත් වැදගත් කරුණු සියල්ල නව සංශෝධනයට ඇතුළත් කරන බව කමිටුව නියෝජනය කරන ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර 20 වැනි සංශෝධන සම්මත කරගත් වහාම බැසිල් රාජපක්ෂට ආණ්ඩුවේ නව ඇමති ධුරයක් ලබා දීමට දැනටමත් සැලසුම් කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට තිබේ.

Exit mobile version