“19 අහෝසි වුණත් කොමිෂන් සභා වෙනස් වෙන්නෙ නෑ”

නව අධිකරණ ඇමති අලි සබ්රි කියයි

යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය තුළ ජනාධිපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් හෝ කොමිෂන් සභාවල වෙනස්කම් සිදුනොවනු ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට ඒ වෙනුවට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් මස මැද භාගය වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා නව යෝජනා සකස් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ‘ඩේලි මිරර්’ වෙත ප්‍රකාශයක් දෙමින් පවසා තිබේ.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය අනුමත කර ගැනීමට අපේක්ෂා කරන බව අලි සබ්‍රි මහතා පවසා ඇත.


“19 වන ව්‍යවස්ථා සංශෝධනයේ රටට අහිතකර වන ඕනෑම වගන්තියක් අහෝසි කොට ඒ අනුව ඒවා සංශෝධනය කිරීමට අපි පියවර ගනිමින් ඉන්නවා. සියලු ප්‍රජාවන්ගේ එකම කැමැත්ත ඇතිව ඵලදායී ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

මෙම යෝජනාව යටතේ ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය වසර පහකට යටත් වන බවත්, අපේක්ෂකයෙකුට දෙවරකට වඩා ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවීමට එය ඉවහල් වන බවත් ඔහු පැවසීය.

මෙම යෝජනාවෙන් ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වයට කිසිදු බාධාවක් නොවන බවට අලි සබ්රි මහතා සහතික වෙයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (SLPP) ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මෑතකදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ රට ඉදිරියට යාමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කළ යුතු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔහු මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතරයක් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version