17 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි…

නතාෂා නෙත්මිණී  –    

17 වැනි කොවිඩ් මරණයත් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.

මිය ගිය පුද්ගලයා 41 හැවිරිදිය. ඔහු ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සිරෝසිස් රෝගයට ප්‍රතිකාර ලැබූවෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙම රෝගියා අසාධ්‍ය තත්වයෙන්  පසුවූ අතර මිය යන විට අයිඩීඑච් රෝහලේ දැඩිසත්කා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුව අවසන්කටයුතු කිරීමට නියමිතය

Exit mobile version