රිය අනතුරකින් හමුදා සැරයන්වරයෙක් මරුට… හමුදා සෙබලුන් 09කට තුවාලයි…

දිනසේන රතුගමගේ –

මුලතිව් මාන්කුලම් මුරුකණ්ඩි දේශයේදී අද (26) යුද හමුදාවේ පිරිසක් ගමන් කළ කැබ් රථයක් ලොරියක ගැටීම නිසා යුද හමුදාවේ එක් සැරයන්වරයෙකු  මියගොස් තවත් හමුදා සාමාජිකයින් 9 දෙනෙකු   තුවාල ලබා තිබේ. 

තුවාල කරුවන් කිළිනොච්චිය   රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය  තරමක් බරපතල බව රෝහලේ වෛද්යවරු කියා සිටියහ

මියගොස් ඇත්තේ 39 හැවිරිදි ඇහැටුවැව ගල්ගමුව ප්රදේශයේ පදිංචි යුද හමුදා 07 වන සේවා බළකායට අනුයුක්ත මුරුක්කණ්ඩි කඳවුරේ සැරයන්වරයෙකි.

අනතුරත් සමග කැබ් රථයේ පිටුපස ගමන් කළ ඔහු රථයෙන් විසිවී ගොස් පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී සිදුවූ අනතුරෙන් මියගොස් තිබේ.


කැබ් රථයට පිටුපසින් පැමිණි ලොරි රථයක් කැබ් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරත් සමගම ලොරිය පාරෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය  පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

Exit mobile version