15 හැවිරිදි දරුවෙක් පැදවූ ටිපර් රථයේ ගැටී 11 දරුවෙක් මිය යයි…..

ජයකාන්ත ලියනගේ – බළපිටිය –

අහුන්ගල්ල ප්‍රදේශයේ දී යතුර ද සහිතව නවතා තිබූ ටිපර් රථයක් බාල වයස්කාර දරුවෙකු විසින් රහසින් පණ ගන්වා ගෙන යෑමේදී  සිදු වූ අනතුරක් නිසා 11 හැවිරිදි දරුවෙක්   මියගොස් තිබේ.

ඊයේ (22) සිදුවූ මෙම අනතුරින්    මිය ගොස් ඇත්තේ පා පැදියක ගමන් කරමින් සිටි අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ ඉන්දුවාදුර සදෙව් දන්දිනු (11) නැමැති දරුවෙකි.  

ට්‍රිපර් රථයේ නිත්‍ය රියදුරු ගැල්වනයිස් බට යම් ප්‍රමාණයක් රැගෙන යෑම සඳහා ටිපර් රථයෙන් පැමිණ යතුර   රථයේම තිබිය දී ඉන් බැස ගොස් සිටින විට මෙම  15 හැවිරිදි දරුවා එය අනවසරයෙන් පණ ගන්වා ගෙන ගොස් මෙම අනතුර සිදු කර ඇත. 


අනතුර සිදුකල 15 හැවිරිදි දරුවා අනවසරයෙන් රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේත්,  ටිපර් රථයේ නිත්‍ය රියදුරු අනාරක්ෂිතව නොසැලකිල්ලෙන් රිය නවතා තැබීමේ  චෝදනාව යටතේත් අත් අඩංගුවට ගෙන තිබේ.  මොවුන් අද (23) සවස බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ  වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ටිපර් රථයේ අයිතිකරුගේ වැඩිමහල් සහෝදරයාගේ බාලවයස්කාර   දරුවා ටිපර් රථය පණ ගන්වා ගෙන ගොස් තිබෙන අතර ටිපර්  රථයේ ගැටීමෙන් මියගොස් ඇත්තේ ටිපර් රථය අයිතිකරුගේ නැගණියගේ 11 හැවිරිදි දරුවා බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයතිලකගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් ගුණසිරි (58368)   ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version