තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

හැටන් රංජිත් රාජපක්ෂ –

නුවරඑළිය මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට සිය බිරිඳ විසින් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය.

මෙසේ  පිහි ඇනුමෙන් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බහිරදන් චන්ද්‍රසේකරන් (අවු : 32) එක්දරු පියකි.

පෞද්ගලික ආයතනයක රැකියා නිරතව මොහොමඩ් නෞසර් ෆාතිමා රිස්වානා (බිරිද) (අවු 32) නිවසට පැමිණෙන විට සිය ස්වාමිපුරුෂයා අධික ලෙස බීමතින් වයස අවුරුදු දෙකහමාරක් වයසැති ඔහුන්ගේ දියණිය සමග නිවසේ රැඳී සිට ඇත.

රැකියාව අවසන් කර නිවසට පැමිණි බිරිඳ සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් උරණ වු බිරිඳ සිය සැමියාට මෙලෙස නිවස තුලදි තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඇති බවට සිදු කරන ලද මූලික පරීක්ෂණවලිදි අනාවරණය වි ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය.


මෙම ඝාතනය (23) දින රාත්‍රි 11.30 ට පමණ සිදුවී ඇති අතර , සිද්ධිය දැනගත් ප්‍රදේශවාසීන් 1990 ගිලන්රථ සේවාවට දුරකථන ඇමතුමක් ලබාදී එම ස්ථානයට ගෙන්වා ගත් නමුත් ගිලන් රථය පැමිණෙන විටදී පිහි ඇනුමට ලක් ව තුවාල  ලබා සිටි පුද්ගලයා නිවස තුළම මියගොස් ඇති බවට අනාවරණය වි ඇත.

ඉන් අනතුරුව 119 හදිසි ඇමතුම් දුරකථන අංකයට ලද පැමිණිල්ලට අනුව නුවරඑළිය පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කල බවත්, එහිදී පිහි ඇනුම සිදුකළ බවට සැකකරන මිය ගිය පුද්ගලයාගේ බිරිඳ නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්  හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑලිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානය පරීක්ෂණයෙන් අනතුරුව දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් සැකකාර බිරිය අද  (25) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් , ඝාතනය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Exit mobile version