ශ්‍රියානි විජේසිංහ –
මේ දිවනල පවතින දැඩි වියළි කාලගුණික තත්තවය හේතුවෙන් භූගත ජලය භාවිත කරන්නන් වඩාත් කල්පනාකාරි වන ලෙස ජලසම්පත් මණ්ඩලය දැනුම් දී සිටියි
රසයේ , ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල පරික්ෂා කර ගන්නා ලෙස එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්.එම්.එස් රත්නායක ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
භූගත ජල මට්ටම අඩුවීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදුවිය හැකි බැවින් ඉහත සඳහන් කල තත්වයන් නිර්මාණය විය හැකි බව හෙතෙම පෙන්වාදේ.
භූලත ජලයේ එවැනි වෙනසක් ඇත්නම් කොළඹ, පුත්තලම, අනුරාධපුරය සහ යාපනය පිහිටි පරික්ෂණාගාරවලින් ජල සාම්පල පරික්ෂා කර ගත හැකිය.
ප්‍රදේශයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මුණ ගැසී ප්‍රාථමික පරික්ෂණයක් සිදුකර ගන්නා ලෙසටද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.