මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපු දිස්ත්‍රික්කයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් ගේ උපදෙස් අනුව පොලොන්නරුව මාදුරුඔය දිවුලපතාන ගම්මානයට පැමිණි පිරිසක් එහි පාරම්පරික සිංහල ගම්වාසින් සමග අද (22) සවස ඇති කරන්නට ගිය ගැටුමක් සමථයට පත් කිරීමට, ප්‍රදේශයේ මහා සංඝරත්නයත් එම ගම්වාසීන් සහ අරලගංවිල හා කරදියනාරු පොලීසියත් සමත් වි ඇත.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
දිවුලපතාන ගම්මානයේ පවුල් 50 කට ආසන්න සිංහල පිරිසක් ජීවත් වෙති. ඔවුන් එම බිම් වලින් ඉවත් කර එම ඉඩම් තුළට මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කයේ ගවයින් නිදහස් කිරීමට ලබාදෙන ලෙසට අදාළ මන්ත්‍රීවරයා මඩකළපු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ඉල්ලීමක් කර තිබේ.
ඒ අතර 22 දා මෙම ගම්මානයට වාහන කීපයකින් පැමිණි අදාළ මන්ත්‍රීවරයාගේ ආධාර කරුවන් පිරිසක් ගම්මානයේ නිවාස වීඩියෝගත කරමින් සිට ඇත.
එම අවස්ථාවේදී මේ සැක සහිත වීඩියොගත කිරීම් පිළිබඳ විමසීමට ගිය අවස්ථාවේ දී දෙපිරිස අතර විශාල ගැටුමක් වර්ධනය වීමට ගොස් ඇත. එම උණුසුම්කාරී තත්වය පාලනය කිරීමට ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ අරලගංවිල පොලිසිය කටයුතු කර තිබේ,
ත්‍රස්තවාදී තර්ජන හමුවේ 1983 වසරේ මෙම ගම්මානයේ පදිංචි පාරම්පරික සිංහල පවුල් 1800ක් විවිධ ප්‍රදේශවලට ගොස් නැවත 2009 වසරේදී සාමය උදාවීමත් සමඟ ඔවුන්ගේ පාරම්පරික ඉඩම්වල විවිධ එළවළු, පලතුරු වවාගෙන ස්වයං රැකියා කරමින් ජීවත් වී ඇත.
මේ ගැටුම් ඇති කරන පිරිස ගැන පොලිස් හා හමුදා බුද්ධි අංශ විසින් තොරතුරු ප්‍රමාණයක් රැස් කරගෙන ඇත. ඔවුන්ට අනුව මෙම ඉඩම්වලට මඩකලපු සහ අම්පාර ප්‍රදේශයේ ගවයින් ඇතුළත් කිරීමේ මුවාවෙන් මෙම සිංහල වැසියන් ඉවත් කිරීම එල්ටීටීඊ හිතවාදීන්ගේ අර්මුණව තිබුණු බවත්, මේ පිටුපස මඩකලපු දිස්ත්‍රික් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සිටින බවට මේ වනවිට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බවත් පැවසේ.
මන්ත්‍රීවරයාගේ මෙහෙයවීමෙන් ගමට පැමිණි සංවිධාන කීපයක් එල්ටීටීඊ ඩයස්පෝරාව හරහා මුදල් ලබාගනිමින් ඉදිරියේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට දමිළ ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධව තොරතුරු නිර්මාණය කිරීම සඳහා ගැටුම්කාරී තත්ත්ව ඇති කරන පිරිසක් බව බුද්ධි අංශ කියයි.
දෙමළ ඩයස්පෝරාව හරහා මුදල් ලබාගනිමින් මඩකලපුව ප්‍රධානියකු ලෙස කටයුතු කරන කන්දයියා ජෙගදාස් නැමැති පුද්ගලයෙකුද මෙම අවස්ථාවට පැමිණ ගැටුමක් ඇති කිරීමට කටයුතු කරන බව යුද හමුදා බුද්ධි අංශ වාර්තා කර ඇත.
මෙම අවස්ථාවට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද මාධ්‍ය හැදුනුම්පතක් තිබෙන බ ට පවසා තොරතුරු සහ ගම්මානයෙන් වීඩියෝ සහ ඡායාරූප ගැනීමට පැමිණි ව්‍යාජ මාධ්‍යවේදීන්ගේ තොරතුරුද හමුදා බුද්ධි අංශයට අනාවරණය කරගැනීමට හැකියාව ලැබී තිබේ,
පොලොන්නරුව මාදුරුඔය දිවුලපතාන සිංහල ගම්මානයට පැමිණ සිංහල හා දමිළ මුස්ලිම් ජාතීන් අතර ඇති කරන්නට ගිය විශාල ගැටුමක් සහ අසමගියක් සමථයට පත් කිරීමට ප්‍රදේශයේ මහා සංඝරත්නයට හා කරදියනරූ හා අරලගංවිල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබිණි,