13 ට එහා ගිය බලය බෙදීමක් කරන්න… දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන ගේන්නම් – සුමන්තිරන්

දෙමල ඩයස් පෝරාව ලඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩා වැඩි මුදලක් ඇති බවත් එම ආයෝජන උතුරට රැගෙන ඒමට අවශ්‍ය නම් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ අයුරුන්ම බලාත්මක කර බලය බෙදා හැරීම තහවුරු කර  සිදුකළ යුතු බවත්  දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක  එම්.ඒ. සුමන්තිරන් පවසයි.

හිරු  ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ  මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයට 13ට එහා ගිය බලය බෙදීමක් බවය. එයත් අවශ්‍ය බව කී මන්ත්‍රීවරයා  එය ලැබෙන්නේ  නම්  එම ආයෝජන රට තුළට රැගෙන ඒමේ වගකීම තමන්  දෙමළ ජාතික සන්ධානය ලෙස බාර ගන්නා බව කීවේය.

ඔහු කීවේ මේ අවස්ථාවේ දී පුළුල් දැක්මකින් යුතුව කටයුතු නොකළොත්  රට ව්‍යසනයට යන වේගය වළක්වා ගත නොහැකි බවය. කිසිවෙක්  මේ යෝජනවට අකමැති නම් දෙමළ ජාතික සන්ධානයට ඒ සඳහා මැදිහත් වීමේ අවශ්‍යතාවයක් නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.


“ උතුරෙ මිනිස්සුන්ට නම් ඉන්දියාවට හරි පැනලා යන්න පුලුවන්. ඒත් දකුණෙ අයට ඒකත් බෑ. එයාලට මෙහෙම තමයි ඉන්න වෙන්නෙ.“ මන්ත්‍රීවරයා කීවේය.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ඊයේ (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාවේ    ජනාධිපතිවරයා ඇයට ප්‍රකාශ කර තිබුණේ දෙමළ ඩයස් පෝරාවේ ආයෝජන ලංකාවට ලබා ගැනීමට කටයුතු කරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සහකාර ලේකම්වරිය  ඒ පිළිබඳව ඇයගේ ප්‍රසාදය පල කර තිබිණි.

Exit mobile version