ඩෙල්ෆ්ට් සැකකාර සමූහ ඝාතකයා පාපොච්ඡාරණයක… මිනී මැරූ පිහිය සහ ලේ තැවරුණු ඇඳුම් සොයා ගනී!

ඩෙල්ෆ්ට් පස් මිනිස් ඝාතනයේ සැකකාර ඝාතකයා....

දිනසේන රතුගමගේ

යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන පිහිය සැකකරු විසින් කළ පපොච්චාරණයකින් කින් පසුව  ඩෙල්ෆ්ට් හා ඌර්කාවතුරේ පොලිසිය  විසින් අද ( 24 ) සොයා ගෙන තිබේ.

එම ඝාතනයන් සිදු කළ බවට සැක පිට දැනට අත් අඩංගුවට ගෙන සිටින සැකකරු  මරණ  සිදු කරන ලද අවස්ථාවේදී පැළඳ සිටි ඇදුම් ඔහුගේ පෙන්වීම මත පොලිසිය  සොයාගෙන ඇත.

මළ සිරුරු…

සැකකරු විසින් එම ඝාතනවලට පසුව පිහිය හා ඔහුගේ රෙදි නිවස  අසල වූ ළිදකට දමා සිද්ධිය වූ ස්ථානයෙන් පලා ගොස් තිබේ.

සැකකරු පිහිය ළිඳට වීසි කිරීමට පෙර ඔහුට බුරා ගෙන පැමිණි සුනඛයාටද එම පිහියෙන් ඇන තුවාල සිදු කොට පසුව පිහිය ළිඳට වීසි කොට ඇත.


බුරාපැන්න සුනඛයා කපා දමා ඇති අයුරු…

සැකකරු සන්තකයේ තිබී පවුම් 26 රන් භාණ්ඩද පොලිසිය  විසින් මීට ඉහතදී සොයා ගන්නා ලද අතර පොලීසිය විශ්වාස කරන්නේ තවත් රන් භාණ්ඩ මොහු කිසියම් ස්ථානයක සඟවා ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පොලිසිය ඌර්කාවතුරේ පොලිසිය හා ඩෙල්ෆ්ට් පොලිසිය  සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version