ශ්‍රී රංගා අත් අඩංගුවට…

ranga

දිනසේන රතුගමගේ –

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාධ්‍යවේදී ශ්‍රී රංගාව  අද (17 )   සවස  පොලීසිය විසින් කලුබෝවිල රෝහලේදී අත් අඩංගුවට ගෙන තිබේ.

හිටපු මන්ත්‍රීවරයා  දුටු තැන අල්ලන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහාල්  විසින් අද (17 ) දා  වරෙන්තුවක් නිකුත් කරණු ලැබුවේ වවුනියාව මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සදහා ඔහු පෙනි නොසිටීමත් සාක්කි කරුවන්ට යළි තර්ජනය කළ බවට අධිකරණ හමුවේ තොරතුරු අනාවරණය වීමත් සමගය.

2011 වසරේ මාර්තු මස 30 වෙනිදා වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී  ශ්‍රී රංගා විසින් පදවා ගෙන ගිය ඔහුට අයත්  ලියාපදිංචි නොකළ  වාහනයක් ඔහුගේ පාලනයෙන් ගිළිහී ගොස් සෙට්ටිකුලම රෝහලේ තාප්පයක ගැටීම නිසා  ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකු වන අලව්ව, නවතල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන්  ජි.උදය ජයමිණි පුෂ්පකුමාර  යන අය මිය ගියේය.

වවුනියාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහය මත සාක්කි වෙනස් කරමින් ඒ අවස්ථාවේදී රථය පදවා ගෙන ගියේ මියගිය පොලිස් සැරයන් වරයා බවට අධිකරණය හමුවට තොරතුරු ඉදිරිපත් කළ එවකට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ශ්‍රී රංගා මේ සිද්ධිය දුටු පිරිසකට තර්ජනය කොට තිබුණි.


මේ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතාවයක් මත යළිත් වරක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවැත්වූ අවස්ථාවේදී අනතුර සිදුවන විට වාහනය පදවා ගෙන ගියේ  එවකට මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී රංගා බවට  කරුණු අනාවරණය වී තිබුණි.

මේ සම්බන්ධයෙන් සාක්කි වසන් කිරීම හා ව්‍යාජ තොරතුරු සැපයීම  අපරාධයක් සැගවීම ඇතුළු  චෝදනා කීපයක් මුල් කරගෙන  එවකට වවුනියාවේ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරීවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියා ඇතුලු හතර දෙනෙකුට එරෙහිව හා ශ්‍රී රංගාට එරෙහිව වවුනියාව  අධිකරණයේ පනවන ලද නඩුව පසුව  මහාධිකරණය වෙත මාරු කොට ඇත.

වවුනියාව අධිකරණයේදී 2023 03 17 වෙනි දින නඩුව විභාග වන විට ශ්‍රී රංගා හිටපු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ  පෙනී නොසිටීමත් ඔහු  අදාල නඩුවේ සාක්කිකරුවන්ට යළි තර්ජනය කළ බවට තොරතුරු හෙළි වීමත් සමගම ඔහුට   වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වරෙන්තුව   අනුව ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක්  ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී   අත් අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version