පුස්සැල්ලාව තේ වත්තක හමුවූ කාන්තා මළ සිරුර – සැකපිට කාන්තාවගේ පරිගණක ඉංජිනේරු සැමියා අත්අඩංගුවට…

පුස්සැල්ලාව සෝගමාවත්තේ ඩී.සී 04 කොටසේ ලඳු කැලෑවක තිබී සොයාගත් තරුණ ඇඟලුම් සේවිකාවගේ මරණය සම්බන්ධව සැකපිට ඇයගේ පරිගණක ඉංජිනේරු සැමියා ඇත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

මළ සිරුර සම්බන්ධව සිදුකළ මූලික විමර්ශනවල දී එය ලණුවක් වැනි දෙයකින් ගෙල සිරකර සිදුකරනු ලැබූ ඝාතනයක් බවට සැක පහළ කළ පොලිස් විමර්ශකයින් ඒ ඔස්සේ පරීක්ෂණ අරඹා තිබිණි.

මෙසේ ඝාතනයට ලක් වී තිබුණේ   තිබුනේ එල්බොඩ කටුපිටිය, පබේගම ජන උදාන ගම්මාන පදිංචිව සිටි සදාසිවම් නිරංජලා   නමැති  25 හැවිරිදි කාන්තාවකි.

පොලිසිය ඝාතනය සම්බන්ධව සැකපිට ඇයගේ සැමියා වන පරිගණක ඉංජිනේරුවා අත්අඩංගුවට ගෙන තිබුණේ  විජේරාම රබර් වත්ත පළවෙනි පටුමගේ නිවසක සිටිය දී ය.


අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම කාන්තාව සමග මීට වසරකට පෙර විවාහ වී ඇති බවත් දෙදෙනාම කළුබෝවිල ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වී ඇති බවත් පොලිසිය කියයි.

මෙම අඹුසැමි යුවල කොළඹ සිට පුස්සැල්ලාව දක්වා එකට පැමිණ ඇති බවත් පුස්සැල්ලාව නගරයේ දී ඉංජිනේරුවා සිය බිරියගෙන් දික්කසාදයක් අවශ්‍ය බව පවසමින් ආරවුලක් ඇතිකරගෙන ඇති බවත් පොලිස් විමර්ශනවල දී හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version