කොටහේන වෙඩි තැබීමේ ඉලක්කය කිඹුලාඇලේ ගුණාගෙ ඥාතියෙක්….

gunshot-bullet

බදාදා (18) පස්වරුවේ කොටහේන 6 වන පටුමගට වෙඩි තැබීමේ ඉලක්කය කුප්‍රකට මත්ද්‍රව්‍ය ජවාරම් කරුවෙක් සහ පාතාල අපරාධකරුවෙක් වූ ‘කිඹුලා ඇලේ ගුණා’ ගේ ඥාතියෙක් බව පොලිසිය පවසයි.

අද (18) පස්වරු 1.30 ට පමණ කොටහේන 6 වන පටුමග නවතා තිබූ මෝටර් රථයක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ දෙදෙනෙකු වෙඩි පහර ගණනාවක් එල්ල කර පලා ගොස් තිබිණි..

මෙම සිද්ධිය සීසීටීවී කැමරාවල සටහන් වී තිබුනේය.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කොටහේන ජිනානන්ද මාවතේ පදිංචි රවීන්ද්‍රන් දීපන් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.
දිලීපන් නමින ද හඳුන්වන මෙම පුද්ගලයා කිඹුලා කිඹුලා ඇලේ ගුණා ලෙස හඳුන්වන සින්නයියා ගුණසේකර ගේ ඥාතියෙකි. කිඹුලා ඇලේ ගුණා දැනට තමිල්නාඩුවේ ඉන්දීය ජාතික බුද්ධි ඒජන්සිය විසින් රඳවාගෙන සිටී.


සිද්ධියෙන් තුවාල ලැබූ දිලීපන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය පිළිබඳ සෙවූ පූද්ගලයෙකුට දිලීපන්ගේ ඥාතීන් විසින් පහර දී තිබේ.

ඉන් අනතුරුව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකුට අනුව මෙම ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කර ඇත.

මේ අතර ඊයේ (17) අලුයම පෑලියගොඩ කළු පාලම අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් ඝාතකයින් දෙදෙනෙක් නිවස තුළටම පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ සජිත් රංග හෙවත් මාබිම රංග නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී තිබේ.

පසුගිය ජනවාරි මස 15 වනදා පිළියන්දල – හොරණ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් 36 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය ජනවාරි 11 වැනිදා ද එවැනිම ඝාතනයක් පනාමුර ප්‍රදේශයෙන් වාර්තා විය.

Exit mobile version