ෆ්‍රීසර් ඇති තරම් තියනවා… කොවඩ් මරණ තැන්පත් කිරීම ගැටලුවක් නෙවෙයි…

මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරිය කියයි...

SENSITIVE MATERIAL. THIS IMAGE MAY OFFEND OR DISTURB A worker of a funeral parlour, sanitises the dead body of an 83-years-old woman, who died of unknown reasons during the outbreak of the coronavirus disease (COVID-19), in Porto Alegre, Brazil, April 3, 2020. REUTERS/Diego Vara

මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පුද්ගලයින් තිස්එක් දෙනකු සදහා වෙනම අධිශීතාගාර ඇති බැවින් කොවිඩ් ආසාදිතයන්ගේ සිරුරු ශීත කර   තබා ගැනීම පිළිබඳව ගැටලුවක් ඇති නොවන බව මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු  පැවසුවාය. 

අකුරණ පදිංචිව සිට මිය ගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතින් ප්‍රකාශ ලබා දිමට නොපැමිණිම හේතුවෙන් දේහය දින 11ක් තිස්සේ තවමත් රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ.

මෙය වෛරස් ව්‍යාප්තියට යම් බලපෑමක් ඇතිකරවන තත්ත්වයක් නේදැයි කළ ප්‍රශ්න කිරීීමකදීී වැඩබලන අධ්‍යක්ෂවරිය එසේ කීවාය. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට  කොවිඩ් වෛරසය ආසාදිතව ඇති අකුරණ පනස්තුන් හැවිරිදි පුද්ගලයාගේ දේහය මහනුවර අධිශීතකරණයේ දින එකොළහක් තිස්සේ තබා තිබේ.

Exit mobile version