ෆ්රැන්සිස් ස්කොට් කී අනතුරින් අතුරුදන් වූවන් 06ක් සම්බන්ධව තවමත් තොරතුරු නෑ…

අමායා උඩුවැරැල්ල –

එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි බැල්ටිමෝර් නගරයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ කන්ටේනර් නෞකාවක් ගැටීමෙන් සිදු වූ අනතුර හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇතැයි අනුමාන කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් ඉදිකිරීමේ කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලයන් බව ද සඳහන් වනවා.

නිලධාරීන් බෝට්ටු සහ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් අතුරුදන් වූ හය දෙනා සෙවීමේ දැවැන්ත උත්සාහයක නිරත වූ අතර අනතුරට මුහුණ දුන් තවත් දෙදෙනෙකු ජලයෙන් ගොඩට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය පවසා ඇත්තේ අතුරුදහන් වූ ඉතිරි පුද්ගලයින් ඔවුන් වැටී ඇති ජලයේ උෂ්ණත්වය සහ ඔවුන් ජලයට යට වී සිටි කාලය මත මේ වනවිට මිය ගිය බවට අනුමාන කළ බවයි. බලධාරීන් පවසන්නේ ඔවුන් පාලම කඩා වැටෙන අවස්ථාවේ වලවල් අලුත්වැඩියා කිරීමේ ඉදිකිරීම් කාර්ය මණ්ඩලයේ සේවය කරමින් සිට ඇති බවයි.

වැඩිදුරටත් වෙරළාරක්ෂක බළකාය පවසා ඇත්තේ මේ වන විට තම සෝදිසි කිරීම් අත්හිටුවා අනතුර සිදුවූ ස්ථානය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයක් ආරම්භ කර ඇති බවයි.


කිලෝමීටර 2.6 කට වඩා දිග පාලම හරහා වාහන කිහිපයක් ගමන් කරමින් සිටියදී නෞකාව ආධාරකයක වැදීමෙන් පසු එය කඩා වැටී ඇති අතර නිලධාරීන් පවසන්නේ නෞකාව තාක්ෂණික ගැටළුවකට මුහුණ දුන් බව සහ අනතුරට මොහොතකට පෙර නෞකාවෙන් ආපදා ඇමතුමක් නිකුත් කළ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරට පත් වන අවස්ථාවේ නෞකාව තුල පුද්ගලයින් 22 දෙනෙකු සිටි බවත් ඔවුන්ට කිසිදු තුවාලයක්  හෝ සිදු වී ඇති බවට වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

Exit mobile version