ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ 50ක් ලබන අගෝස්තුවේ…

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක ප්‍රමාණයක්  ලබන අගෝස්තු මාසයේදී මෙරටට ලැබීමට නියමිතය යැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන   සඳහන් කරයි.‍

එම එන්නත් ගෙන්වා ගැනීමට අදාල   ගිවිසුම්වලට මේ වන විටත් අත්සන් තබා ඇතැයිද ඔහු පවසයි.

ඒත් සමගම  ඉන්දියාවේ ඇති වී තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දියාවෙන් ඇනවුම් කිරීමට නොහැකි  බැවින් එය නිෂ්පාදනය කරන කොරියාව හා ප්‍රංශයෙන් මේ වන විටත් එය මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයිද  එය ලැබුණු වහාම කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දිය යුතු පුද්ගලයින්ට ලබා දීමට කටයුතු කරන බවද විශේෂඥවරයා කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට ලැබෙන තොරතුරුවලට අනුව මෙම එන්නත මිලදී ගෙන භාවිතයට නොගෙන තිබෙන ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය හා කැනඩාව වැනි රටවලින් නැවත මිලදි ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇතැයිද සභාපතිවරයා සදහන් කරයි.

Exit mobile version