ෆයිසර් එන්නත් හය ලක්ෂ අට දහසක් ලංකාවට…

කීර්ති ප්‍රනාන්දු –

ඇමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක් අද 18 අලුයම කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන අවේය.

ශ්‍රී ලංකාව ඇමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50ක් ඇනවුම් කර ඇති අතර ඉන් ලක්ෂ 10ක එන්නත් මාත්‍රා තොගයක් මීට පෙර ශ්‍රී ලංකාවට ලබා දී තිබිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම එන්නත් මාත්‍රා තොගේ තවත් කොටසක් ලෙස අද අළුයම රැගෙන එන ලද එම එන්නත් තොගය කටාර් ගුවන් සේවයේ QR668 දරණ ගුවන් යානයෙන් ඇසුරුම් 53 ක අසුරා මෙම එන්නත් තොගය එවා තිබිණ.


Exit mobile version