ළිඳට අසූචි දමා ජර්මන් සමාජ සේවිකාවට  “කළගුණ“ සැලකූ ගාල්ලේ අශිෂ්ඨයෝ…

ලලිත් චාමින්ද –

උර්සුලා බර්ටි මැස්ච්බර්ගර් මෙරට  පදිංචිය සඳහා පැමිණ වසර 23 කට වැඩිය.  

ගාල්ල, ඌණවටුන රුමස්වල  බොනවිස්ටාවහිය. මේ කාන්තාව විශේෂය. ඇය උපතින් ක්‍රිස්තියානි භක්තිකයකි.  දැන් ඇය  බෞද්ධ දර්ශනය ගැන පැහැදී බෞද්ධ දර්ශනය මත ජීවිතය  ගෙවන බෞද්ධාගම වෙනුවෙන් විහාරස්ථාන විහාරාධිපති හිමිවරුන් සමඟ කටයුතු කරන උවැසියකි.     දේශීය වෛද්‍ය පිළිවෙත් ලෝකයට ගෙන යෑම සඳහා විශාල කාර්යභාරයක් සිටින්නියකි.  2004 සුනාමි ව්‍යසනයේදී සුනාමියෙන් විපතටපත් වූ පවුල්  සඳහා  නිවාස හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් ඉදිකර දුන්  අයෙකි.  විවිධ ප්‍රදේශවල දුගී ජනතාව නගා සිටුවීමට කැපවීම් කරන්නියකි. කසල කලමණාකරනය සහ කෘෂි වගාවන් සඳහා ද ප්‍රයෝජනවත්  ජිව වායු වැඩසටහනක්, විදුලිය පිරිමැසීමට සෝලා විදුලිය ලබාදීමේ වැඩසටහන්  රාශියක් ක්‍රියාත්මක  කරන අතරම  ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය උපදවා දීමට කටයුතු කළ මේ  ප්‍රභූ කාන්තාවකි.

උර්සුලා බර්ටි මැස්ච්බර්ගර්

ඇය පසුගිය දා පොලිස්පතිට පැමිණිල්ලක් කර තිබුණාය. ඒ සමාජ සද්කාර්යයෙහි නිරතව වෙමින් ජීවිතය ගෙවා දමන ඇයට මේ රටේ සමහර මිනිසුන් කළ ගුණ සැලකූ ආකාරය කියන්නටය. 


ඇයගේ නිවසේ ඇය ජලය භාවිත කරන ළඳට යම් අශිෂ්ට මිනිසුන් පිරිසක් අසූචි එක් කර තිබිණි. ඒ තවත් විෂ ද්‍රව්‍යයක් සමගය. 

සතෙක් හෝ භාවිතා කරන දිය පහෙති පැහැරීමක් ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය සංස්කෘතිය තුළ නැත. විශේෂයෙන්ම අපේ සංස්කෘතිය තුළ එවැනි නින්දිත හැසිරීම් අතිශය නින්දිත පිලිකුල් කරන්නේය. දැන් මේ  අපරාධය පිළීබඳව පොලිස්පතිවරයාගේ උපදෙස්මත ගාල්ල පොලිසිය මගින් විශේෂ විමර්ශනයක්  ආරම්භකොට ඇත්තේය.

මේ සම්බන්දයෙන් අප සමග අදහස් දැක් වු උර්සුලා බර්ටි මැස්ච්බර්ගර් මෙසේ කිවාය.

ඇය පරිහරණය කරන ළිඳ

“ මාගේ සමාජසේවා  කටයුතු     ඉවසිය නොහැකි තත්වයකට පත් වි සිටින  එක්තරා පුද්ගලයකු  විසින් නොයෙක් වර තර්ජනය කිරීම් බැණවැදීම් සිදුකළා.  ළිඳට වස මුසු කිරීම ද මෙම අයගේ මැදිහත් වීමෙන් සිදුවනු ඇතැයි සැක කරනවා. ඔහු විසින් කරන ලද ප්‍රකාශ අනුව ඒ බව පැහැදිලිවෙනවා.“ 

“ මෙම ස්ථානයෙන් මා ඉවත් කොට සමාජ මෙහෙවර අඩාල කිරීම මෙම  පුද්ගලයාගේ හා ඔහු  නියෝජනය කරන ආයතනයේ අරමුණ වෙලා තියනවා. මෙම හිරිහැර හේතුවෙන් මා දැඩි මානසික පීඩාවට පත්වෙලා ඉන්නේ…“   උර්සුලා බර්ටි මැස්ච්බර්ගර්   කිවාය.

මේ සම්බන්ධයෙන් ම පොලිස්පතිවරයාටත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්ලතිවරයාටත් ගාල්ල පොලිසියටත් පැමිණිලි කළ බවද   ඇය පැවසුවාය.  ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ  මාතර රසායනාගාරය මගින් කළ ජල පරික්ෂණයේ දි   මෙම ලිඳේ  ජලයේ  මිනිස් අසුචි හා සෘජුව සම්බන්ධ ඊ කෝලා බැක්ටිරියාව ඇති බවට වාර්තා කර ඇති බවද ඇය පවසන්නිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්දයෙන්  විධිමත් පරික්ෂණයක් සිදුකොට තමන්ට සාධාරණත්වය ඉටුකරදෙන ලෙස  ඇය බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නිය. කළගුණ නොදත් කාලකණ්නි අතර යහපත් මිනිස්සුද වෙති. ඇය ඔවුන් ගැන විශ්වාසය තබන්නීය. මේ රටේ නීතියෙන් ඇයට සාධාරණයක් වනු ඇතැයි ඇය සිතන්නීය.

 

Exit mobile version