ළමා රෝහලේ  බාහිර රෝගී අංශයේ වැඩ වර්ජනයක් සිද්ධ වුනේ නෑ… රෝහල් අධ්‍යක්ෂ කියයි!

ශ්‍රියානි විජේසිංහ –                                             

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය  තුළ  වැඩ වර්ජනයක් සිදු නොවූ බවත් එහි කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවත්  රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය   සඳහන් කරයි.

රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිතර වන බවට මාධ්‍ය වාර්තා පළ වූ නමුත් නිල වශයෙන් තමාට දන්වා නොතිබූ බව හෙතෙම පැවසුවේය.

කේසේ නමුත් 8 වාට්ටුවේ විශේෂඥ  වෛද්‍යවරියගේ දරදඩු ක්‍රියා කලාපයන් හේතුවෙන් එම වාට්ටුවේ ශ්‍රේණි වෛද්‍යවරුන් සේවයට  වාර්තා නොකිරිම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව නිරාකරණය කිරීමට සෞඛ්‍ය අමාතයංහයේ පැවැත්වූ පරික්ෂණ වාර්තාව මේ සතිය තුළදී ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළ බව රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට දැනුම් දුන් පසු ඔවුන් සේවය වාර්තා කළ බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව බාහිර රෝගී අංශයේ කිසිදු බාධාවකින් තොරව දරුවන්ට ප්‍රතිකාර ලැබුනු බවද සායනික කටයුතු ඒ අයුරින් සිදු වූ බවද වෛද්‍ය විජේසූරිය මහතා  කිවේය.


Exit mobile version