ළමා රෝහලේ ප්‍රශ්න නෑ… මාධ්‍යවලින් මවන තරම් ලොකු ගැටලු රෝහල් තුළ නැති බව ළමා රෝහලේ අධ්‍යක්ෂ කියයි!

අත්‍යාවශ්‍ය ඖෂධ දෙන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ් එක්වෙති!

Ridgeway-Hospital

රජයේ රෝහල්වලට  අවශ්‍ය   ඖෂධ  හා ශල්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ඉදිරිපත් වී සිටිති.

මේ අනුව රෝහල්වල ප්‍රමුඛ අවශ්‍යතාව කුමක්දැයි    ලැයිස්තු එවන මෙන් ඔවුහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත දුරකථන හා විද්‍යුත් තැපැල් මගින් දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විටත් රෝහල් අධ්‍යක්ෂවරුන් රෝහල්වලට අවශ්‍ය ඖෂධ හා  ශල්‍ය උපකරණ    පිලිබඳව ලැයිස්තු සකස් කරමින් සිටින බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.


මේ පිළිබදව කළ විමසීමක දී රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය පැවසුවේ මාධ්‍යවල ප්‍රකාශිත ආකාරයට රෝහල් ශල්‍ය කර්ම ඇණහිට නැති නමුත් ඖෂධ සහ උපකරණවල හිඟයක් තව මාස දෙකකින් පමණ ඇතිවීමේ අවදානමක් පවතින බවය.

මෙතෙක් කරගෙන පැමිණි ආකාරයට   මාස 06ක් ඉදිරියට ඖෂධ තොග පවත්වා ගැනීමට නොහැකි වී  ඇත්තේ කාරණා දෙකක් නිසා යැයි අධ්‍යක්ෂවරයා කීවේය.  ඔහුට අනුව එකක් රටේ පවතින විනියම අර්බුදයය.    දෙවැන්න ඉල්ලුමේ තරමට සැපයුම කිරීමට විදෙස් රටවල එම නිශ්පාදන ආයතනවලට පෙර මෙන් නොහැකි වීමය. ඔහු පෙන්වා දෙන්නේ අපේ රටට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ සියයට 85ක් සැපයුම් ලබා ගන්නේ පිටරටවලින් බවය.

මේ අර්බුදය හමුවේ රටේ ඩොලර් සීයක් හෝ ඉතිරි කරගැනීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ආධාර මේ මොහොතේ රටටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් අතිශයින් වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

“යම් යම් ද්‍රව්‍ය සීමිත විදිහට භාවිතා කරනවා. සතියකට වරක් එකතු වී සිදුකරන සමාලෝචනවලින් පසු කෙසේ හෝ අත්‍යාවශ්‍ය ඖෂධ රටට ආනයනය කරගන්නවා.“

“ඒ නිසා මට කියන්න තියෙන්නෙ රිජ්වේ ආර්යා ළමා රෝහල මේ වනතුරු කිසිම ශල්‍ය කර්මයක් හෝ ප්‍රතිකාරයක් නවත්වා නැහැ. ඒ නිසා නැති බැරි අය ගෙවල් දොරවල් උකස් කරලා පුද්ගලික ප්‍රතිකාරවලට යොමුවෙන්න එපා.  රජයේ රෝහල්වලට එන්න.  මේ මොහොතෙත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩල වැඩ. මමත් වැඩ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.

 

 

Exit mobile version