ළමා දූෂක හෘද වෛද්‍යවරයා ගැන ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය කියයි…

ළමා දූෂක වෛද්‍යවරයා සුදුසුකම් ලත් හෘද රෝග විශේෂඥයෙක් නොවන බවත්, ඔහු හෘද රෝග විශේෂඥවරයෙක් වීම සඳහා පුහුණු අවස්ථාවේ සිටි වෛද්‍යවරයෙක් බවත් ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ ළමා දූෂණය තමන් සංගමයක් ලෙස මුලුමනින්ම හෙළා දකිව බවත්, සිද්ධිය සම්බන්ධව මෙම පුද්ගලයා කරන ලද ප්‍රකාශ පිළිකුල් සහගත බවත් මේ අපරාධයට සම්බන්ධවූවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බවත් තරයේ විශ්වාස කරන බවත් එම සංගමය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් මාධ්‍යයට නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට පත් කිරීමේ සිද්ධිය ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය සංගමය වන අපි තරයේ හෙලා දකිනු ලබන්නෙමු.

මෙම අපරාධයට සම්බන්ධ වු සියලුම දෙනාට නිසි අයුරින් නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.
උක්ත කි‍්‍රයාවට අදාලව චෝදනා ලබා සිටින වෛද්‍යවරයා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මාධ්‍ය මගින් කරන ලද වගකීම් විරහිත ප‍්‍රකාශය පිළිබඳව අපගේ අප‍්‍රසාදය පල කරන අතර මෙම චෝදනාව ලබන අවස්ථාව වන විට ඔහු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වීම සඳහා පුහුණුව ලබන අවධියේ පසු වු අතර හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් සම්පූර්ණ කර නොතිබුණ බව දන්වා සිටිමු.

තවද හෘද රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය වෛද්‍ය විද්‍යා සාරධර්ම සහ මානුෂිය ගුණ ධර්ම සුරැකීම ඉතා ඉහලින් අගයන විද්වත් සංගමයක් වන අතර එවැන්නකට පටහැනි වු කි‍්‍රයාවක් කුමන මට්ටමකදී වුවද අනුමත නොකරන බවද ප‍්‍රුකාශ කර සිටිමු.

වෛද්‍ය අනිදු පතිරණ
සභාපති
ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය


Exit mobile version