ළමයින්ට හිමි ළමා කාලය ඔවුන්ට දෙන්න… ජනපති ලෝක ළමා දිනය දා ඉල්ලා සිටී!

කීර්ති ප්‍රනාන්දු – 

ලෝක ළමා දිනය අද ට (01)  යෙදී තිබේ.

වර්තමාන ලෝකය මුහුණ දී ඇති වසංගත තත්වය හමුවේ  දැයේ දරවන්ට අහිමිවී ගිය සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ලඟා කර දීම රජයේ ප්‍රමුඛ කාර්ය භාර්යය බවත් රජයේ සමස්ථ සැලසුම් ක්‍රියාත්මක වන්නේ දරුවන්ගේ ලෝකය වඩාත් ඉක්මනින් ඔවුන්ට සමීප කර දීමට බවත් ලෝක ළමා දිනය වෙනුවෙන්   පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ  සැරිසැරීමට ඉඩ හරිය යුතු බව  කියන ජනාධිපතිවරයා  දරුවන් විශිෂ්ටයන් ලෙස සමාජගත වන විට තෘප්තිමත් වන්නේ දෙමව්පියන් සහ භාර කරුවන් පමණක් නොවන බවත් එම සතුට සමස්ථයක් ලෙස මානව සමාජයම අත් විඳින බවත් පෙන්වා දෙයි.


මේ අතර “සියල්ලට ම පෙර දරුවන්” යන තේමාව යටතේ මෙවර ළමා දින ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත..

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර ලෝක ළමා දිනය සැමරෙනු ඇත.

අද සිට ලබන 31 වනදා දක්වා දිවයින පුරා  ළමා සුබසාධන වැඩසහන් රැසක් ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත කීවේය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් 25ක් සංවිධානය කර ඇති බව ජාතික ළමා රක්ෂිණ අධිකාරියේ  සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ප්‍රකාශ කළේය.

 

Exit mobile version