ළමයින්ට හදිකළ ගුරාට ගම්මුන්ගෙන්  අමතක නොවන පාඩමක්….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර – සම්පත් 

පුටුවකට තබා බැඳ පොලිියට භාර දුන් ළමා අපචාරකයා
වලස්මුල්ල පොලිස් වසමේ රම්මල වරාපිටියේ උපකාරක පංතියක ගුරුවරයෙකු විසින් පිරිමි දරුවන් කිහිපදෙනෙකුට ලිංගික අතවර කලේයැයි චෝදනා කරමින් දරුවන්ගේ මාපියන් සහ ප්‍රදේශවාසීන් එම ගුරුවරයාට පහර දී තිබේ.
පසුව පහර කෑමට ලක් වූ උපකාරක පංති ගුරුවරයා එම ස්ථානයෙන් ඉවත්වී යාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් ගුරුවරයා පුටුවක වාඩිකර කඹයකින් පුටුවට තබා ගැටගසා තිබේ.
අනතුරුව ඔවුන් වලස්මුල්ල පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සැකකාර උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.  ඔහු කිරම ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකි. සැකකරු හෙට දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි..

Exit mobile version