හොර හරක් ජාවාරමක යෙදුණු පොලිස් නිලධාරියා අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ –

දකුණේ සංවිධානාත්මක ගව ජාවාරම්කරුවන් පිරිසක් සමග එකතු වී නීති විරෝධී ගව ජාවාරමක නිරත වූ යාපනයේ පොලිස් නිලධාරියෙකු සහ තවත් දෙදෙනෙකු යුද හමුදාව විසින් ඊයේ (26)  කිළිනොච්චිය සංගුපිටිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත සංගුපිටිය පාලම අසල දී පොලිස් නිලධාරියෙක් ද ගමන් ගත්    වාහනයක් පරික්ෂාවට ලක් කර ඇත. ඒ අවස්ථාවේදී වාහනය තුළ නීති විරෝධී ගවයින්  හතර දෙනෙකු සිට ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පොලිස් නිලධාරියාද මේ ගව ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් හා ගවයින් ලොරිය සමග පුනරීන් පොලීසිය වෙත බාර දී තිබේ.


Exit mobile version