හොරොව්පතානේ මාරක රිය අනතුරක්

හමුදා සෙබලකු ඇතුළු තරුණයන් 2ක් බිලි

හොරොව්පතාන – වව්නියාව A29 මාර්ගයේ කිවුලකඩවල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙක් මරණයට පත්ව තිබේ. එක් තරුණයෙක් අනතුර සිදුවූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි මුණසිංහ රොමින්ද නදින් මධුභාෂණ නැමැති 22 හැවිරිදි යුධ හමුදා සෙබළකු සහ  හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි ආර්. ආර් සඳරු ප්‍රභාෂණ සේනාරත්න නැමැති, 19 හැවිරිදි තරුණයකු අනතුරින් මිය ගොස් තිබේ.

මෙම අනතරු ඊයේ (30) රාත්‍රී 9.50ට පමණ සිදුව ඇත. අනතුරට පත් වූ මෝටර් රථය ගවයන් දෙදනකුගේ ගැටී පසුව බෝක්කුවක ගැටී රථය රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබේ. මෝටර් රථයේ තිදනකු ගමන් කර තිබේ.

ෙතුවාලකරුවන් හොරොව්පොතාන රෝහලට ඇතළත් කිරීමෙන් අනතුරුව 19 හැවිරිදි තරුණයෙක් ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරින් බරපතළ තුවාල ලබා ඇති මෝටර් රථයේ රියැදුරු වන 30 හැවිරිදි පුද්ගලයා මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

Exit mobile version